Monday, April 23, 2018

ඔසවමු කා.ස.ම මාතා ඉහළට.......

හෙට දින නැග එන හිරු දැකගන්නට
සිතෙහි සවිය දෑතින් රොද බඳිනට 
ජීවිත සටනින් නිති ජය ලැබුමට 
අත් වැල් බැඳ ගමු අපි අද හනිකට 

විසිරුණු සවි බල එක තැනකට ගෙන 
සිහි නුවණින් සැම විමසා ලන්නට 
පොත පත සහ අත් දැකුමට මුල් තැන 
දී නංවමු අපගේ මව් මුදුනට 

සතර කොනම වසමින් මුළු දිවයින 
සේවා සපයන අරුමය කදිමය 
ඔබ සිටිනා බැව් නැවත දැනුම් දෙන 
අඬහැරයයි අපගෙන් ලෝකය වෙත 

නැංවීමයි කම්හල් මුළු මෙදියත 
අභියෝගයත් එයම වෙයි සැක නැත
දෑත් සියල්ලෙහි පිරුනොත් කරගැට 
අලුත් ඉරක් පායයි සිරිලක හෙට 

සොයුරනි එක්වවූ නැගුමට කා.ස.ම 
පිදුමට පුබුදින තුරුණු වියට හෙට 
තාක්ෂණය දුර දැක්මක් සමඟින 
කා.ස.ම මෑණිය ඔසවමු ඉහළට 

වැසුණු දොරටු යළි විවර කරන්නට 
ගුණ නුවණින් ලෝකය ජය ගන්නට 
කුසගිනි දහසින් දුරු කරලන්නට 
බමනට සැරසෙමු දැතිරෝදය අද 

No comments:

Post a Comment